යහපාලන සම්මුති ආණ්ඩුවට වසරක් පිරීම නිමිත්තෙන් අද මාතර දී ජන රැළියක් සහ සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කර ඇත. එහිදී යහපාලන සම්මුති රජයේ වසරක් පුරා කළ කී දැ නාට්‍යානුසාරයෙන් රග දැක්වීමටද නියමිතය.
යහපාලන රජය බලයට පැමිණෙන්නට පෙර පෝස්ටර් කටවුට් සංස්කෘතිය දැඩිව විවේචනය කලේ තමන් බලයට පැමිණි පසු ඒවා අත්හිටුවන බව ප්‍රකාශ කෙරුණද, සංවත්සරය නිමිත්තෙන් ගාල්ල නගරය පුරා පොස්ටර්, කටවුට් ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබිණි.