ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්‍රවර්ධන වැඩපිළිවෙල ලබන 03 දා මහරගමි නගරයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි පැවසේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ 07 මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේදී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව සමග පෙරේදා (31) රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට නියමිත නව පක්ෂයේ කටයුතු හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය යෙදී ඇති නොවැම්බර් 18 වනදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර එජාපයේ සහ ශ්‍රීලනිපයේ ප්‍රාෙද්ශීය දේශපාලන නියෝජිතයන් රැසක් එම බලවේගය සමග එක්වීමට මේ වනවිටත් කැමැත්ත පලකර ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ආරංචිමාර්ග පවසයි.