බන්ධනාගාරගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සිරගතව සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් පිළිදබව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සංවේදී සටහනක් තබා ඇත. පහත දැක්වෙන්නේ එම සටහනයි.
“ගලගොඩඅත්තේ හිමි මා සමඟ prison එක තුළදි රට ගැන බොහෝ දේවල් කතා කලා. උන්වහන්සේ දඩුවම විදින්නේ පන්සල් බූදල් නඩුවකට නොවෙයි. සැමදාම බෝධින්වහන්සේ දිහා බලාගෙන පොතක් ඉවර වෙනතුරු පිරිත් කියන අයුරු මා බලා සිටියෙමි. මටත් පිරිත් දේශනා කර කූඩුවට යන අයුරු බෞද්ධයින් පමනක් නොවේ අන්‍ය ආගමිකයින්ටද ඇස කඳුලක් ඉපදේ…“