Colombo Today Local News

රටට ආදරය කරන ජනතාව රට ගැන ගැඹුරින් සිතා තිබෙනවා – ගලගොඩඅත්තේ ඥනසාර හිමි

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගින් පිළිබිඹු වන්නේ රටට ආදරය කරන මිනිසුන් රට ගැන ගැඹුරින් සිතා ඇති බව යෑයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (11 වැනිදා) පැවසූහ.

එම මිනිසුන් සේම අනෙක්‌ පිරිසත් තම තමන්ගේ පක්‍ෂයට පෙර රටට ආදරය කළ යුතු බව පැවසූ උන්වහන්සේ සියලුම පක්‍ෂවලට ජාතික න්‍යාය පත්‍රයක්‌ මෙන්ම බෞද්ධ දර්ශනය අනුව සැකසුණු ප්‍රතිපත්තිද තිබිය යුතු බවත් කියා සිටියහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ වැඩිදුරටත් මෙසේද කීහ.

අපි වසර දෙදහස්‌ පන්සීයකට වඩා බණ ඇසූ ජාතියක්‌. අපි ධර්මය තුළ ශික්‌ෂණය වූ ජාතියක්‌ 1818 ඌව වෙල්ලස්‌ස කැරැල්ල පැරදී වසර 200 ක්‌ ගතවන තැනයි අප අද ඉන්නේ. එදා එහෙම අදත් චිත්‍රපටයක්‌ ප්‍රදර්ශනය වනවා සේ රටට ආදරය කරන සහ රටට එරෙහි බලවේග අපට පෙනෙන්න තිබෙනවා.

රටේ ජනතාව මෙවර හරි තැන හිටගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර දෙමළ මුස්‌ලිම් මිනිසුන් ඒ ජාතීන් ගැන හිතලා තිබෙනවා වගේම දකුණේ සිංහල ජනතාව රට ගැන හිතලා තිබෙනවා.

Related posts

පාසල් දැරියක් දියේ ගිලී මරුට

Admin

රට බංකොලොත් කර ඇත්තේ පාර්ලිමේන්තුව නොදැනුවත්ව

colombotoday

එජාපය දිනූ හම්බන්තොට නගරාධිපති ධුරය ශ්‍රීලනිපයේ එරාජ්ට…

colombotoday

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ.

colombotoday

මන්ත්‍රීවරුන්ට අළුත් වාහන ඕන.. වැයවෙන්නේ ඉතා සුළු මුදලයි

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව ඉදිරියටම, සජිත් එකගවූ යෝජනා මෙන්න !

colombotoday