කරුණෑගල – දඹුල්ල ප්රධාන මාර්ගයේ කුරුණෑගල නගරයට ආසන්නයේදී පෙට්රල් ලීටර් 13,200 ක් රැගත් බවුසරයක් අද අලුයම 3.00 ට පමණ අනතුරට ලක්ව තිබේ.
කොළඹ සිට කින්නියා දක්වා පෙට්රල් රැගෙන යමින් තිබූ මෙම බවුසරය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබූ බව වර්තාවේ.
බවුසරය පෙරළුණු අවස්ථාවේ එහි තිබූ පෙට්රල් ද කාන්දු වන අයුරු දක්නට ලැබුණු බවත් පසුව දොඹකරයක් සහ ආපදා රථයක් යොදා ගනිමින් පෙට්රල් බවුසරය මාර්ගයට ගැනීමට කටයුතු කළ බව ත් අප වාර්තාකරු සඳහන් කළේ ය.