Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඉකුත් (09) දින රටපුරා ඇති වු කළහාකාරි සිද්ධිය අතරතුර කොට්ටාව අධිවේගී පිවිසුමේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාකුඹුර ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි පුද්ගලයකු හා හොරණ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

Related posts

එට්කා ගිවිසුම ඉදිරියට ගෙන යාම ගැන රනිල්ගෙන් අනුරට පැසසුම්

Admin

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වෙයි

Admin

ජපන්, ඉන්දීය ආධාර රැගත් ගුවන් යානා දිවයිනට.. නැව් දෙකක් මග

colombotoday

අනුර කුමාරට සහ මුසම්මිල්ට හෙළ උරුමෙන් නඩු ?

colombotoday

බදු සහන ජනතාවට නොදෙන වෙළෙඳුන් ගැන හොයන්න ජනපතිගෙන් උපදෙස් !

colombotoday

ජනාධිපති හොරු අල්ල අල්ල යද්දි රට හදන වැඩේ අපිට බාර දෙන්න

Admin