පක්ෂයේ අනුමැතියකින් තොරව ඇමති ධූර භාර ගැනීම සම්බන්ධයෙන් දින හතක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඇමතිවරුන් දෙදෙනාට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය දන්වා ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පවසයි.
එම දින හත ඇතුළත අනිවාර්යයෙන් ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතු බව ද හෙතෙම සදහන් කරයි.
කෙසේ වෙතත් මෙම ඇමතිවරුන් දෙපළ ඇමති ධූර භාර ගැනීම හේතුවෙන් ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ වන විටත් අනුමැතිය දී ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.