අද (24) දිනයේ කිලෝග්රෑම් 12.5, කිලෝග්රෑම් 5 සහ කිලෝග්රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොකෙරෙන බව ලිට්රෝ සමාගම පවසයි.
එබැවින් අද දිනයේ පෝලීම්වල රැඳී නොසිටින ලෙස එම සමාගම මහජනතාවට දැනුම් දෙයි.
එමෙන්ම ගෑස් තොග අනිසි ලෙස රැස් කිරීමෙන් වළකින ලෙසත්, වැඩි මිලට ගෑස් විකිණීම හෝ මිලදී ගැනීම් සිදු නොකරන ලෙසත් ලිට්රෝ සමාගම මහජනතාවට දැනුම් දෙයි.