ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවට ඇතුළු වීමට නිදහස් වීසා ලබාදීම සදහා ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සත් කර ඇති බවට usa-television.com නමැති වෙබ් අඩවියක් තොරතුරු වාර්තා කර ඇත.
කෙසේ වෙතත් එවැනි තීරණයක් සම්බන්ධයෙන් නිල වශයෙන් මෙතෙක් තමන්ව දැනුවත් කර නැතැයි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය අංශය පවසයි.
යූ.එස්.ඒ. ටෙලිවිෂන් වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරමින් පැවැසුවේ සංචාරක හා ව්‍යාපාරික කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඇමෙරිකාවේ දින 180ක කාලයක් රැදී සිටීමට නිදහස් වීසා ලබාදීමට ඇමෙරිකානු ජනපතිවරයා කටයුතු කර ඇති බවයි.