Colombo Today Local News

නැදුන්ගමුවේ රාජාගේ දේහය සංරක්ෂණ කටයුතු නවතී

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නැදුන්ගමුවේ රාජා හස්තියාගේ දේහය සංරක්ෂණ කටයුතු ඇනහිට ඇතැයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සිරුර සංරක්ෂණය කරන ස්ථානය පිළිබඳ අවසන් තීරණයකට නොපැමිණීම හේතුවෙන් මෙසේ සංරක්ෂණ කටයුතු ඇනහිට ඇතැයි සදහන් වේ.

දළදා කරඬුව වැඩමවූ හස්තිරාජයා වන නැදුන්ගමුවේ රාජා 69 වන වියේදී මියගියේ ඉකුත් මාර්තු 7 වන දා ය. රාජාගේ දේහය සංරක්ෂණය කොට සකස් කිරීමට කෞතුකාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කළ අතර එයට රාජ්‍ය අනුග්‍රහය ද ලැබිණි.

ඒ අනුව, කෞතුකාගාර නිලධාරීන් හස්තියාගේ සම ඉවත්කොට සංරක්ෂණය කොට ඇතත් එම නිර්මාණය තැන්පත් කරන ස්ථානය ගැන මේ වනතුරුත් තීරණයකට එළැඹීමට නොහැකි වීමෙන් ඉදිරියේ ගැටලු ඇති විය හැකි යැයි පැවසේ.

විශේෂයෙන් දැනට සංරක්ෂණය කර ඇති සම කල්යත්ම සකස් කිරීමේදී නිශ්චිත ප්‍රමාණයට ඇදිය නොහැකි වන බැවින් එම නිර්මාණය සකස් කිරීම ඉක්මනින් ඇරඹිය යුතු යැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට එය ඉදිකිරීම සඳහා ස්ථාන දෙකක් ගැන යෝජනා පැමිණ ඇති නමුත් එක් ස්ථානයක් නිශ්චය කරගෙන නැති බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.

Related posts

ත්‍රස්තවාදය නැවත හිස එසවීමේ අවදානමක්.. කිලිනොච්චියෙන් බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කරයි

colombotoday

එක්ස්කැවේටර් යන්ත්‍රයක් හදිසියේ ගිනි ගනී

colombotoday

සඳහිරු සෑයට රත්‍රං දුන්නේ ආරක්ෂක මණ්ඩලයේ තින්දුවකටයි. – නිලධාරීන්ගෙන් පලිගැනීම වැරදියි. හිටපු ජනපති

colombotoday

හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක්‌ යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!

colombotoday

මත්ස්‍ය ආනයන වියදම් සීමා කිරීමට අංශ කිහිපයක් යටතේ සැලසුම් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

ඒකාබද්ධය, අපි දැන් යාළුයි.. ඒ අය රෑට රෑට ජනපතිත්, මාත් හමුවෙනවා – එස්. බී

colombotoday