Colombo Today Local News

වැලිකඩට ගිය රාජ්‍ය ඇමැති අනුරාධපුර බන්ධනාගාරයෙත් යකා නටයි | ඇමැති ඉවත් කරන්නැයි විපක්ෂනායක ඉල්ලයි

කොළඹ බන්ධනාගාර මූලස්ථානය ට මිතුරන් පිරිසක් සමග බීමතින් අයුතු ලෙස ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ද ඒ අයුරින්ම අයුතු ලෙසින් ඇතුළු වී ඇතැයි වාර්තාවේ.

ඉකුත් දොළොස් වැනිදා ට යෙදී තිබූ සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාර මූලස්ථානය සංවිධාන කර තිබූ උත්සව මාලාව සඳහා සහභාගිවීමට ගොස් ඇති මෙම රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ද එලෙස බීමතින් ඇතුළු වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

බීමතින් සිට ඇති මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිය ගිනි අවිය ද රැගෙන මිතුරන් කිහිපදෙනකු සමග අනුරාධපුර බන්ධනාගාරයේ එල්ටීටීඊ සැකකරුවන් රඳවා ඇති සිරමැදිරිය අසලට ගොස් එහි සිටි රැඳවියන් කිහිප දෙනෙකු සිරමැදිරියෙන් එළියට ගෙන ඇති බවද වාර්තා වේ.

එම සිර මැදිරිය තුළ එල්ටීටීඊ සිරකරුවන් අට දෙනකු සිට ඇති අතර ඉන් පස්දෙනකු එළියට ගෙන ඇති මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඉන් දෙදෙනෙකු දණ ගස්සවා ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ල කර “උඹලා පාඩුවේ හිටියේ නැත්තං තොපි මරනවා ” යැයි පවසා ඇතැයිද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි .

බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව කිසියම් හෝ අයෙකුට බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය එහෙනම් අවි ආයුධ පිහි හෝ මත්ද්‍රව්‍ය රැගෙන යා නොහැකි අතර මේ රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරයට පැමිණ සිරකරුවන්ගේ සිර මැදිරිය අසලට යෑමෙන් විශාල විනාශයක් සිදු වන්නට ඉඩ තිබූ බවත් යම් හෙයකින් සිරකරුවන් එම පිස්තෝලය උදුරා ගත්තේ නම්, සිදුවන විනාශය සුළුපටු නොවන බවත් බන්ධනාගාර නිලධාරීහු පවසති.

සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් ද සමඟ බීමතින් පැමිණි මෙම රාජ්‍ය අමාත්‍යවරයකු ඉකුත් 06 වැනිදා කොළඹ බන්ධනාගාර මූලස්ථානයටද ඇතුළු වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එදින කොළඹ බන්ධනාගාර මූලස්ථානය නවක බන්ධනාගාර නිලධාරීන් පුහුණු කිරීම් සිදු වෙමින් පැවති දිනයක් වන බවත්, මෙම රාජ්‍ය අමාත්‍යවරයා එම නවක නිලධාරීන් ඉදිරියට ගොස් ඔවුන්ට අවවාද අනුශාසනා දී ඇති බවත් වාර්තා වේ

මේ පිළිබදව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රජයේ ඇමතිවරයෙකුගේ නින්දිත හා නීති විරෝධී හැසිරීම මම තරයේ හෙළා දකින බව කියා සිටී.

මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්‍රියාව මගින් අපේ රටේ පවතින අරාජික තත්වය මනා සේ විදහා දක්වනු ලබයි.අපේ මාතෘ භූමියේ ජීවත්වන සියළුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මෙම රජය බැඳී සිටී. මෙම නීති විරෝධී සහ නින්දිත ක්‍රියාව වර්තමානයේ අපේ රටේ මානව හිමිකම් තත්ත්වය සීඝ්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයකි.

මෙම අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි යැයි එම ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් කියයි.

Related posts

අරගලයට සහයෝගය දෙන බව මැලිබන් සමාගම පවසයි.

colombotoday

ආනයනික කිරිපිටි මිල පහළට

Admin

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකට “ප්‍රභාකරන්” මහත්තයෙකු වේ. “රණවිරුවන් අතින් ඝාතනය වුනේ මෙරට දරුවන්” බවත් කියයි

colombotoday

ගෑස්පහ හන්දියේ පොලිතීන් උරයක දැමූ කාන්තා මළ සිරුරක්

colombotoday

ජනපති විල්පත්තුව ගැන ගත් තීරණයම ගනී.. නකල්ස් රක්ෂිතය පිළිබදව කැබිනට් මණ්ඩලයට උපදේශයක්

colombotoday

පහරදීමකින් සිංහල තරුණයෙක් මිය යයි.. තෙල්දෙණියේ නොසන්සුන් තත්ත්වයක්

colombotoday