Colombo Today Local News

හිටපු ජනපති මාධ්‍ය ලේකම් සිංගප්පූරු ගුවන්තොටේදී අත්අඩංගුවට

සී.එස්.එන් රූපවාහිනී නාළිකාවේ හිටපු සභාපති මෙන්ම විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාද වූ රොහාන් වැලිවිට මහතා සිංගප්පූරු ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන පැය තුනකට පසුව මුදාහැර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

රොහාන් වැලිවිට මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (25) සිංගප්පූරුව වෙත ගොස් ඇති අතර එහිදී සිංගප්පූරු ගුවන්තොටුපොළ බලධාරීන් මුදල් විශුද්ධිකරණය හා ගුවන් ගමන් බලපත‍්‍රය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප‍්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව රොහාන් වැලිවිට මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර පසුව අධිකරණය මඟින් මුදාහරින ලදී.

ලංකාදීප

Related posts

රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday

බුදුන් වහන්සේගේ සිරස නිරුපනය වන ගවුමක් හැඳ සිටි කාන්තාවක් නුවරඑළියේදී අත්අඩංගුවට

colombotoday

ලෝක යුද්ධයේදී ගිලුණු නැවක් වසර 75කට පසු නාවික හමුදාව යළි ගොඩගනී (Photo)

colombotoday

හලාවත නගරයේ නොසන්සුන්තාවයක් ඇතිකිරීමට හේතු වූ ප්‍රකාශය සිදුකළ ව්‍යාපාරිකයා අත් අඩංගුවට

colombotoday

ජූලි 3වැනිදා දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ

Admin