ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුල්වරට කාන්තා ගුවන් නියමුවරියන් සිව් දෙනෙකු බදවාගෙන ඇත.
එම නියමුවරියන් සිව් දෙනා මේ වන විට ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටා ඇති අංක 01 පියාසර පුහුණු පක්ෂාංග ඒකකයේ පුහුණුව ලබති.
එම නියමුවරියන් පුහුණුවෙන් පසු ලොව ගුවන් හමුදා නියමුවරියන් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වීමට නියමිතය.