Colombo Today Local NewsUncategorized

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට්ටුවට

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ දී කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද මෙම කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාරදෙනු ලැබූ අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හා කෘෂිකර්ම දත්ත ගබඩාව ස්ථාපිත කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යභාරයක් වූ බවයි.

රජයන් කිහිපයක් උත්සාහ කළත් නිමකර ගැනීමට නොහැකි වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය වත්මන් රජය බලයට පත්වී වසරක් තුළ නිමකර ගැනීමට හැකිවීම සතුටට කරුණක් බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයට තම කෘතඥතාව පිරිනමන බවද කීවේය.

කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලය වෙනුවෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව තිරසර හරිත කලාපයක් බවට පත් කිරීමේ රජයේ උත්සාහයට කෘෂිකර්ම ප්‍රතිපත්තිය හරහා රටේම ජනතාව සම්බන්ධ කර ගත හැකි බවයි.

Related posts

මැතිවරණ නීති උල්ලංඝනය කල පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට

colombotoday

බුදු හාමුදුරුවෝ ගංජා දුමාරය ආස්වාස ප්‍රාස්වාස කරා – හිටපු ජෙවිපේ අපේක්ෂකයෙක් බුදුන්ට අපහාස කරයි

colombotoday

බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති !

colombotoday

සන්ධානයේ හිටපු පා.ම. දයාශ්‍රිත තිසේරා සජබට එක්වෙයි

Admin

ගාල්ලේ පාසල් 26ක සිසුන් 43කට කොරෝනා.. දින 14කදී ආසාදිතයින් 38ක්

colombotoday

මීගමුව පොලිස් ස්ථානාධිපති නිරෝධායනයට

colombotoday