Colombo Today Sports News

ලංකාවේ තරග සංචාරයට ආ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ්

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පසුගිය ඉරිදා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේ ය.

ගුවන් තොටුපළේදී සිදුකළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව මොයින් අලීට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ දැක්විණ.

ඒ අනුව 33 හැවිරිදි මොයීන් අලී දින 10 ක කාලයක් නිරෝධායනයට ලක් කර තිබේ.

ඔහු එංගලන්තයෙන් පිටත් වීමට පෙර කළ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන නොමැත.

මොයින් අලීගේ සමීපතම ආශ්‍රිතයෙකු ලෙස ක්‍රිස් වෝක්ස් හඳුනා ගෙන ඇති අතර, ඔහුට ද මේ වන විට ස්වයං නීරෝධායනයට ලක් වීමට සිදුව තිබේ.

අද දිනයේ දී එංගලන්ත ක්‍රීඩකයින් යළි වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිත බව ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ වැඩි දුරටත් දැක්විණ.

එංගලන්ත කණ්ඩායම හෙට සිට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කිරීමට ද නියමිතව තිබේ.

ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියට ටෙස්ට් තරග 2 ක් ඇතුළත් අතර එහි පළමු තරගය ලබන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ක්‍රිකට් ආයතනය පසුගිය දා නිවේදනය කළේ ය.

අදාළ ආසාදිතයා සහ ඔහුගේ ආශ්‍රිතයන් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

අවශ්‍යම කාර්ය මණ්ඩලය පමණක් ආයතනයේ රාජකාරි කටයුතුවල නිරත වන බවත්, අනෙකුත් සේවක සේවිකාවන් නිවසේ සිට රාජකාරි කරන බවත් ක්‍රිකට් ආයතනය එදින නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ලංකාවට රිදී පදක්කමක්

colombotoday

ජෛව ආරක්‍ෂිත බුබුලෙන් පිට ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට තාවකාලික තරග තහනමක්

colombotoday

තහනම් උත්තේජක අරන්… කුසල් ජනිත්ට ක්‍රිකට් තහනම්

colombotoday

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T 20 තරඟයේ සජීවී විකාශය

colombotoday

ඔට්ටු කරුවන්ට පාවා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට්. ටෙස්ට් තරගයක් පාවා දෙන්න ලක්ෂ 60යි. විදෙස් මාධ්‍ය හෙළිකරයි

colombotoday

වනිදුගේ වටිනාකම කෝටි 10 පසුකරද්දී වෙන්දේසි කරුට කලන්තය සැදී ඇද වැටෙයි

colombotoday