Colombo Today Local News

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

ලබන 08 වන සඳුදා දිනයේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවරගෙන තිබේ.

පෞද්ගලික බස් සංගම් විසින් 08වන දින සිට වර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවන බවට ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් මෙම පියවර ගත් බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

පෞද්ගලික බස්වර්ජනය හේතුවෙන් මගී ජනතාවට එල්ල වියහැකි බලපෑම අවම කිරීම සඳහා යළි දැනුම්දෙන තුරු ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට පියවර ගත්බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලුම බස් රථ එදින සිට ධාවනයට යෙදවීමට ද තීරණය කර ඇති බවද කිංස්ලි රණවක මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, “කොළඹ නගරය තුළ ‘සිටිබස්’ සේවාව තවදුරටත් වර්ධනය කර බස් රථ ප්‍රමාණය වැඩි කරන්නට මේ වනවිට සැලසුම් කරමින් යනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම මිලියන 85ක් පමණ තිබුණත් කොවිඩ් වසංගතයත් සමග එය මේ වනවිට මිලියන 55ක තත්ත්වයක තමයි තියෙන්නේ,” යනුවෙන් ද පැවසීය.

Related posts

එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ප්‍රේමදාස ඇහුවා

colombotoday

ෆොන්සේකාගේ නෝනට කඩේ යන්න වාහන දුන්නෙත් ඇවන්ගාඩ් ?

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ නියෝජ්‍ය ඇමති ලෙස බුද්ධික පතිරණ දිවුරුම් දෙයි

colombotoday

සරසවි ප්‍රවේශය සදහා සිසුන් ලියාපංදිචිය අද සිට අරඔයි

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන්ගේ තවත් ජිල්මාට් එකක් මාට්ටුයි… ආයෝජන මණ්ඩල සභාපතිකම දැරූ සමයේ පරීක්ෂාවකින් තොරව කන්ටේනර් තොගයක් කොටි අඩවියට යැවීමට අවසර දීලා…

colombotoday

පාස්කු වන්දි නඩු විමසීමට දින දෙයි

Admin