ආණ්ඩුවේ, විපක්ෂයේ ඉහළපෙලේ දේශපාලකයන් නිතර යන එන දේශපාලන අනාවැකි කියන්නියක් ලෙස ප්රසිද්ධ අනුරාධපුර මෑණි කෙනෙකුගේ දේවාලය කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇතැයි වාර්තා වනවා.
රටේ මීළග නායකත්වය හා ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබදව මෑතකදී ඇය විසින් කියනා ලද අනාවැකි කිහිපයකින් පසු ඇයට විවිධ පිරිස් වෙතින් තර්ජන ඇතිවූ බවද දැනගන්නට ඇත.
දේවාලය ගිනිගැනීමෙන් පසු අනාවැකි කියන කාන්තාව නීතිය පැත්තෙන් කිසිත් නොකර දෙවියන් ගැන විශ්වාසය තබා කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.