රත්නපුර නගරයේ මැණික් කොටුව, මැණික්වෙළදපොලේ ඇති වූ සිදුවීමක් හේතුවෙන් ගැටුම්කාරී තත්වයක් ඇතිවු බව වාර්තා වනවා.
පෙරේදා උදෑසන එම ස්ථානයේ ගනුදෙනුවල නිරතව සිටි මුස්ලිම් පුද්ගලයෙකුගේ මේසය මතට සිංහල පුද්ගලයෙකුගේ කුඩයකින් වතුර වැටීම නිසා එම පුද්ගලයන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් පසුව සිංහල මුස්ලිම් දෙපිරිසක් අතර වන ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුව මුස්ලිම් පිරිස විසින් අදාළ පුද්ගලයාගේ නිවස වටකර කෑකෝ ගසමින් තර්ජනය කර ඇති අතර මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරී තිබේ. පසුව එම නිවසේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර ඔවුන් කලහකාරීන් සමග එකතු වී මත්පැන් පානය කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසයි.
ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් රත්නපුර බෝධිගිරි විහාරාධිපති පූජ්‍ය යක්කලමුල්ලේ පවර හිමියන් මෙසේ අදහස් පලකර සිටියා.
වීඩියෝව පහතින්..
[fbvideo link=”https://www.facebook.com/The.island.nation.of.Sinhale/videos/1371504819531254/” width=”500″ height=”400″ onlyvideo=”1″]