උතුරු නැගෙනහිර බෞද්ධ විහාර ඉදිකිරීමට මුළුමනින්ම විරෝධය දක්වන බව ද්‍රවිඩ සන්ධානය රජයට දැනුම් දී ඇත.
2011 සිට ද්‍රවිඩ සන්ධානය සිය විරෝධය පළ කර ඇති බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ප්‍රකාශ කර තිබේ. ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දක්වන්නේ මින්මතු උතුරු නැගෙනහිර බෞද්ධ විහාර සහ ස්ථාන ඉදිකිරීමට ඉඩ නොදෙන බවයි.
උතුරේ බෞද්ධ විහාර ඉදිකිරීම ගැන ප්රභාකරන්ගේ මස්සිනා වූ එම්. කේ. සිවාජිලිගංම්ද විරෝධය දක්වා ඇත. මෙයට පෙර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙක් නාගදීපයට ගොස් නාගදීප විහාරස්ථානය පරීක්ෂාවට ලක් කර තිබිණි.
-දිවයින.