ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්රික් මන්ත්රී ජානක තිස්ස කුට්ටිආරච්චි සහ සමගි ජන බලවේගයේ එම දිස්ත්රික් මන්ත්රී චමින්ද විජේසිරි යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වේත්රධාරී වරයාට උපදෙස් දුන්නේය.
ඒ අනුව ඔවුන් ඉවත් කිරීමට වේත්රධාරී නිලධාරීන් විසින් කටයුතු කෙරිණි.
එම මන්ත්රීවරුන් දෙදෙනා අතර වූ උණුසුම් බහින්බස්වීමක් අද උදේ ඇතිවිය. ඒ අනුව කතානායකවරයා ඔවුන් දෙදෙනා අද දිනයේ කටයුතුවලින් මෙලෙස ඉවත් කෙරිණ.