Colombo Today Local News

නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පැවති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙක්ට සහ නියෝජය කතානායකවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් විසින් අද (06) විශ්වාසභංග යෝජනා 07 ක් වෙන වෙනම කථානායක කරු ජයසුරියට භාරදී තිබෙනවා.

එම විශ්වසභංග යෝජනා ලබා දී ඇත්තේ දයාසිිරි ජයසේකර, එස් බී දිසානායක, සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සහ බඞ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න යන අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලට එරෙහිවයි.

කථානායකවරයාට මෙම විශ්වාසභංග යෝජනාවන් භාරදීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන සිඩ්නි ජයරත්න, ආශු මාරසිංහ හා මුජිබර් රහුමාන් සහභාගිවී තිබුනා.

මෙම විශ්වාසභංග යෝජනාවන් සඳහා එක්සත් පක්ෂයේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් තබා තිබුනා.

Related posts

පාර්ලිමේන්තුවත් හදිසියේ කැදවයි…

colombotoday

කොන්ද කෙළින් තියාගන්න, අවුන් සාන් සුචී ආදර්ශයට ගන්නැයි ජනපති මෛත්‍රීෙගන් ඉල්ලයි…

colombotoday

වෙසක් පුන් පොහෝදා ඡායා චන්ද්‍රග්‍රහණයක්

colombotoday

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය කළමනාකාරණය ගැන කැබිනට් තීරණයක්

Admin

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

විත්තිකරුගෙන් බලපෑම්.. අධිචෝදනා ගොනු කළේ වසර 10කට පසුවයි !

colombotoday