Colombo Today Local News

කතරගම කඩවර දේවාලයේ ශිතකරණයේ මුවමස්.. කපුවා අධිකරණයට

කතරගම කඩවර දේවාලයේ ශිතකරණයක් තුළ දඩමස් තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් එම දේවාලයේ කපු මහතෙකුට තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් උදයංගනි රජපක්‍ෂ මෙනවිය රුපියල් 20,000/-ක දඩයක් ඊයේ (04) නියම කළාය.

මරා මස්කරන ලද මුවකුගේ මස් කඩවර දේවාලයේ ශිතකරණයක් තුළ තබා ගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත් එම දේවාලයේ කපු මහතාට දඬුවම් ලෙස මහෙස්ත‍්‍රාත්වරිය මෙලෙස දඩ නියම කළාය.

චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩ නියම වුයේ කතරගම කඩවර දේවාලයේ කපුවකු ලෙස කටයුතු කළ ජුල්පල්ලම තිස්සමහාරාමය පදිංචි හේවාගේ රක්‍ෂිත නමැත්තාටය.

කතරගම ප‍්‍රදේශවාසීන් කිහිප දෙනකුගෙන් ලැබුණු තොරතුරු වලට අනුව ලූණුගම්වෙහෙර හා කිතුල්කොටේ වන ජිවි නිළධාරින් එක්ව සිදුකළ වැටලීමකදී කතරගම දේවාල භූමිය ආසන්නයේ පිහිටි කඩවර දේවාලය පරීක්‍ෂාවට ලක් කොට ඇති අතර එම දේවාලයේ ශිතකරණය පරීක්‍ෂාවට ලක්කිරීමේදී ඒ තුළ තිබී මස් තොගයක් සොයා ගත් බව වාර්තා වේ.

එම මස් තොගය සොයා ගැනීමෙන් අනතුරුව එම දේවාලය බාරව සිටි කපුවකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී කතරගම පුදබිම ආසන්නයේම සැරිසැරු මුවකු මරා මස්කර ශිතකරණයේ තබා ගෙන ඇති බව වනජීවී නිලධාරීන් විසින් හෙළි කරන ඇති අතර ශිතකරණයේ තිබී මුව මස් කිලේ 20 ක් පමණ නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණි

Related posts

යුද බිමේ විරුකම් පා හමුදාවට සමුදෙන අභීත සෙන්පතියා

colombotoday

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 6ක් රෝහලේ…

Admin

යහපාලනයෙන් වැඩක් නෑ කියා නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ විපක්ෂයට එක්වෙයි

colombotoday

දඹුල්ල නගර සභාවෙන් බලු බද්දක් – සියලු බදු මුදල් වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

බෙම්මුල්ලේදී අපරාධ කල්ලි සාමාජිකයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

අස්වැසුම දෙවන අදියර ආරම්භ වේ.

Admin