ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනතාව මුලා කරන බවට මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා චෝදනා කළේය.
ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක මුදල් ඇස්තමේන්තුවේ සඳහන්ව තිබුණේ රුපියල් මිලියන 55 ක් බවත් එය ඉලක්කමින් සහ අකුරින් සඳහන්ව තිබූ බවත් සඳහන් කළ ඇමැතිවරයා පක්ෂනායක රැස්වීමේදීද මේ පිළිබඳව දැනුවත් කර තිබියදී ජවිපෙ නායකයා විසින් ජනතාව මුළා කිරීමට සූදානම් වන්නේ නම් ඔහුගේ සමාජවාදය ගැන කවර කතාදැයි සඳහන් කළේය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.