Colombo Today Local News

‘විශ්වාසභංගය සාර්ථක වෙන්නේ මෛත්‍රීගේ උනන්දුව මතයි‘ – මහින්ද මෛත්‍රීට බෝලය පාස් කරයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දක්‌වන උනන්දුව අනුව එය සාර්ථක වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (28 වැනිදා) පැවසීය.

මෙම විශ්වාසභංග යෝජනාවට එජාපයේම මැති ඇමැතිවරුන් පිරිසක්‌ද උනන්දු වන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එක්‌සත් ජාතික පක්‍ෂය අද මුහුණ පා තිබෙන තත්ත්වය නිසා එම පක්‍ෂය ඉදිරියට රැගෙන යා යුතු අය පිළිබඳවද ගැටලුවක්‌ මතු වී ඇතැයි කීය.

මේ අතර පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කල පේරාදේනිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ අංශාධිපති, ආචාර්ය චරිත හේරත් මහතා, විශ්වාස භංගය සම්බන්ධයෙන් ‘ලංකාදීප’ පුවත්පතට යොමුකර ඇති විශේෂ ලිපියක සඳහන් වන්නේ ද විශ්වාසභංගය ජයගැනීමට නම් කළමනාකරණය කරගත යුතු සාධක අතර වැදගත්ම එකක් වන්නේ මේ කාරණය පිළිබදව ජනාධිපතිවරයා සිතන්නේ කෙසේදැයි හරියට තක්සේරු කරගැනීම බවයි.

ජනාධිපතිවරයාගේ සහාය නොලැබෙන යෝජනාවකින් මේ රජයේ අගමැති මේ මොහොතේ අස්කළ නොහැකි බව ඔහු සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

පාර හරිද…? විශ්වාසභංගය ගැන බැසිල් පාර්ශවයේ ප්‍රබලයෙකුගෙන් විග්‍රහයක්

Related posts

දකුණු පළාතේ සිසුන් 200ට අඩු පාසල් ලබන 15 විවෘත කරයි

colombotoday

කොරෝනා එන්නත මෙරටදීම නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

colombotoday

විහාරස්ථානයක් තුළදී දරුවෙකු අපයෝජනය කළ චිත්‍ර ශිල්පියාට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

colombotoday

කොරෝනා ආසාදිත ගැබිනියකගේ සැමියා රහසේම රට ගිහින්

colombotoday

‍රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට

Admin

වොක්ස්වැගන් එනවා.. කියා, හයිහුන්ඩායි සමාගමුත් මෙරට කර්මාන්ත ශාලා අරිනවා

colombotoday