Colombo Today Local News

රටේ ආර්ථිකය ඉවරයි ! ජනපතිගේ රතු කට්ට පනී.. අගමැතිගේ මූණටම දොස්මුරයක්..

ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් තමා විසින් ඉදිරිපත් කර තිබියදී එය නොසලකා කමිටුව රැස්කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දෝෂ දර්ශනයට ලක් කොට තිබේ.

ජනාධිපතිවරයා මෙසේ දෝෂ දර්ශනයට ලක් කර තිබෙන්නේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමේ තීන්දුව සති දෙකකට කාලයක් ලබා දෙන ලෙසට සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම සිදුකළ ඉල්ලීමෙන් පසුවය.

ආර්ථිකය මෙහෙයවීම කළ යුත්තේ කැබිනට් මණ්ඩලය බැවින් එලෙස කාලය ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව රජයට පණිවුඩයක් ලබා දුන් බවත් ඒ පණිවුඩය තේරුම් ගෙන රජය වෙනස් විය යුතු බවත් ඒ වෙනස දැන් සිදුකරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කොට තිබේ.

“ආර්ථික කමිටුව දැන් අහෝසියි. ඉදිරියේදී රේඛීය අමාත්‍යාංශවලින් එන කැබිනට් පත්‍රිකා ජාතික ආර්ථික සභාවට ආවට පස්සේ දීර්ඝව කතා කරන්න අවශ්‍ය කැබිනට් පත්‍රිකා තිබෙනවා නම් අගමැතිවරයාගෙන් යුත් අනු කමිටුවකට දාලා නැවත ආර්ථික සභාවට එවන්න ඕනෑ.” යැයිද ජනාධිපතිවරයා පවසා ඇත.

එහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ ජාතික ආර්ථික සභාවේ සංයුතිය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි.

එම සංයුතියේ කිසිදු ගැටලුවක් නොමැති බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවට ඕනෑම ඇමැතිවරයකුට එක්වී කටයුතු කළ හැකි බවත් ප්‍රකාශ කොට තිබේ.

ආර්ථික කළමනාකරණ කමිටුවේ ක්‍රියාවලියත්, ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවන වැඩසටහන් පිළිබඳවත් දැඩි විවේචනයට ලක් කරමින් ජනාධිපතිවරයා මෙසේද පවසා ඇත.

“රටේ ආර්ථිකය ඉවරයි, රටේ ආර්ථිකය හසුරුවන්න මට දෙන්න කියලා කිව්වා. නමුත් ඒක පිළිගන්නේ නැහැ. මේ වැරැදි ආර්ථික ගමන එක්ක රට මේ විදියට ගෙනියන්න බැහැ. මට කරුණු 100ක් වුණත් පෙන්වන්න පුළුවන්. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරන්න ජපානයේ සමාගමකට පවරලා තිබුණේ ඒ සමාගම ගැන හරියට හොයලා බලන්වෙත් නැතිවයි. මං ජපානයේ සංචාරය කරද්දී දැන ගත්තේ ඒ සමාගමේ අය මේ වෙද්දී ඉන්නේ සිරගත වෙලා කියලා.

මට ගැටලුව තියෙන්නේ පෞද්ගලික කාරණයක් හෝ පුද්ගලයකු සම්බන්ධයෙන් නෙවෙයි. ප්‍රතිපත්තිමය කරුණු නිසා” යැයිද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මව්බිම

Related posts

මන්ත්‍රීවරයෙකුගේ කෑම වේලක මිල රු. 296යි – කථානායක දැනුම් දෙයි

colombotoday

පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන ඒමෙන් ICCයෙන් තහනමක් පැනවූවොත් වගකීම 225 දෙනා භාරගත යුතුයි

Admin

බන්ධනාගාර නිලධාරියාගේ කටේ පාංකඩ ඔබා, දෑත්වලට මාංචු දමා සැකකරුවන් පලායයි !

colombotoday

ජාතික ආරක්ෂාව තහවුරු කරන එකට පකිස්ථානය අකමැතිද?

colombotoday

මේ මොහොතේ සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ගෝඨාභය ගැන තවම තීරණයක් ගෙන නැහැ – මහින්ද

colombotoday