Colombo Today Local News

“ඔලුවෙ ඉදන් වහගෙන අමුතු ජාතියක් වෙන්න හදනවා.. ජාතික සමගිය නැති කරන්නේ මේ අයයි” – ඇමති චන්දිම

ජාතික සමගිය ඇතිකිරීම සිංහල ජාතියට පමණක් සිදුකළ නොහැකි බවත්, ඒ සදහා මෙරට සුළු ජාතීන්ද මෙය තමන්ගේ රට යන හැගීමෙන් එකතු විය යුතු බව වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහත් පවසයි.

පසුගිය 8 වැනිදා ගාල්ල හබරාදූවේදී පැවති උත්සවයක් අමතමින් අමත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

බෞද්ධයන් හැටියට ලෙන්ගතුකම ඇතිකරන සංස්‌කෘතියක්‌ තිබුණා. අද අපේ රටේ අපට නොගැළපෙන සංස්‌කෘතියකට කාන්තාවන් රැගෙන යනවා.

අපි ජාතියක්‌ හැටියට රටක්‌ හැටියට හිතන්නෙ නැති නිසා රටේ දළදා හාමුදුරුවො වැඩඉන්න මහනුවර ජාතිවාදයෙන් ගිනිගන්නවා. ලෙන්ගතුකම තිබුණනම් ගාල්ලෙ අම්පාරෙ මහනුවර ගිනිගන්නෙ නැහැ. මෙය සිංහල ජාතියට විතරක්‌ කරන්න බැහැ. සුළු ජාතීන් වුවද මෙය තමන්ගෙ රට කියල සිතිය යුතුයි. අද බහුතරයක්‌ ඔළුවෙ ඉඳන් වහගෙන අමුතු ජාතියක්‌ හැටියට පෙන්වන්න උත්සාහ කිරීමෙන් ලෙන්ගතුකම නැති කරන්න බීජයක්‌ ඇතිකරනවා යන්න සිතන්න වෙනවා. ලෙන්ගතුකමට ආර්ථිකය විතරක්‌ තිබිල මදියි. ආර්ථිකය ශක්‌තිමත් නැත්නම් ලෙන්ගතුකමක්‌ නැතැයි ද කීය.

Related posts

හිජාස් හිස්බුල්ලා ගැන ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටප් ක්‍රමයක්

colombotoday

වල් අලියෙකුගේ පහරකින් පියෙක් මරු දකී

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

colombotoday

මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම කිසිසේත් නොතැකේ..! “අපි ව්‍යවස්ථාව කෙටුම්පත් කරනවා” – ව්‍යවස්ථා කොමිටිය

colombotoday

ගමට ගිහින් ඡන්දෙට සූදානම් වන්නැයි අගමැති ඇමතිවරුන්ට කියයි

colombotoday