යාපනය, අයින්ද හංදියේ පිහිටි මුස්ලිම් පල්ලියේ දී නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සිකුරාදා යාච්ඥාවට එක්වූ පිරිසක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එම ස්ථානයේ සිටි 14 දෙනෙකු එම පල්ලිය තුළ ම නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කළ බව වාර්තාවෙයි.
කොවිඩ් වසංගතය පාලනය සඳහා මේ වනවිට දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති බැවින් ඒකරාශීවීම් තහනම් ය.