Colombo Today Local News

“සුද­ර්ශනී පැණිය” දේශීය ඖෂධ නිෂ්පා­ද­න­යක් | රාජ්‍ය ඇමැති චන්න ජය­සු­මන

කොවිඩ් – 19 වයි­ර­සය මර්ද­නය සඳහා රජයේ රෝහ­ල්වල ප්‍රති­කාර ලබන රෝගීන්ට ‘සුද­ර්ශනී පැණිය’ ලබා­දීම සිදු කර­නුයේ බට­හිර ඖෂ­ධ­යක් ලෙස නොව ඉපැ­රණි ආයු­ර්වේද වට්ටෝ­රු­ව­කට අනුව සකස් කළ දේශීය ඖෂ­ධයේ සාය­නික පරී­ක්ෂාව සඳහා බව ඖෂධ නිෂ්පා­දන, සැප­යීම හා නියා­මන රාජ්‍ය ඇමැති චන්න ජය­සු­මන මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (03) ප්‍රකාශ කළේය.

දේශීය වෙද­කම ප්‍රව­ර්ධන, ග්‍රාමීය හා ආයු­ර්වේද රෝහල් සංව­ර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජය­කොඩි මහ­තාගේ ඉල්ලී­ම­කට අනුව මෙම ඖෂධ සම්බ­න්ධ­යෙන් සාය­නික පරී­ක්ෂණ සිදු කිරී­මට මැදි­හ­ත්වී­මක් සිදු කළ බව ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඇසූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේය. මෙම ඖෂ­ධ­යට අදාළ පර්යේ­ෂ­ණය ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව විද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ මහා­චාර්ය දුලිකා ගුණ­සේ­කර මහ­ත්මිය ඇතුළු කණ්ඩා­ය­මක් සිදු බවත් මෙය ආයු­ර්වේ­දයේ දිගු කලක් පැවති ඖෂ­ධ­යක් ඇසු­රෙන් බට­හිර වෛද්‍ය ක්‍රම­යට අනුව කරන ලද පරී­ක්ෂ­ණ­ය­කට අදා­ළව නිෂ්පා­ද­නය කළ ඖෂ­ධ­යක් බවත් ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

Related posts

බණ්ඩාරගම අටළුගම මුස්ලිම් ජනතාවා PCR මග හැරීම දැඩි අර්බුදයක්.

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

එතනෝල් ආනයනය තහනම් කිරීම කිසිදු වෙනසක් නෑ-රමේෂ් පතිරණ

colombotoday

අධිපති මාරු වුනාට මහ බැංකුව ඇතුලේ හොර තක්කඩි ඉන්නවා – මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි

colombotoday

බරපතල ජාතික උවදුරක් අත ළග ! මහා සංඝරත්නය දළදා මළුවේ මහ අධිෂ්ඨාන පූජාවකට සැරසෙයි

colombotoday

උරුමයක අරුමය නොදත් නරුමයෝ දඹුලු වෙහෙරේ සිතුවම් වනසයි.. සෙල් ලිපිවලටත් හානි කරලා

colombotoday