Colombo Today Local News

අගමැතිට එරෙහි විශ්වාසභංගය කවදාවත් එන්නෙ නෑ… එහාට – මෙහාට වැනෙනව විතරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි බවත් ඔවුන් සිදු කරන්නේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකර එහාට මෙහාට වන වනා සිටීම පමණක් බවත් පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසුවේය.
ඒකාබද්ධ විපක්ෂය කෙතරම් කෑගැසුවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඔවුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව තමා දැඩි විශ්වාසයකින් ප්‍රකාශ කරන බවද කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය සති ගණනාවක් තිස්සේ ප්‍රකාශ කරන බවත් එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකර ඊට විවිධ හේතු ඉදිරිපත් කිරීමෙන්ම මෙය හාස්‍යයට ලක්වන කරුණක් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන බංකොලොත් භාවයද මෙමඟින් පෙන්නුම් කරන බවත් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මව්බිම

Related posts

“ගෝඨාභයගේ වියත්මග දේශනය ලක් ඉතිහාසයේ වැදගත් දේශනයක්… ඔහුගේ ආර්ථික දැක්ම විශිෂ්ඨයි” – ඇමති අමුණුගම

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් වලින් ඇත්ත හංගලා… පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි !

colombotoday

ලක් ඉතිහාසයේ ලොකුම අල්ලස, කෝටි 12/2 ගත් රේගු ලොක්කෝ 3ක් දැලේ

colombotoday

කටුනායක ගුවන් තොටත් කොටස් වශයෙන් විකිණෙයි…

colombotoday

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

colombotoday

“රාජපක්ෂලාට කඬේ යන මාධ්‍යවේදීන්ට සිදුවන්නේ බෙල්ලේ වැලදාගන්න” – අගමැති අනතුරු අගවයි !

colombotoday