ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක දොර අගුල්ලා තමා සහ විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු දූත කණ්ඩායම සමඟ විනාඩි 45 ක් සාකච්ඡා කළ බව ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක ක්‍රිස්තියානි පූජක එමානුවෙල් විසින් හෙළිකර ඇත.
මෙහිදී රජයේ වගවීමේ ක්‍රියාදාමය ගැන තමා අතෘප්තිමත් බව දූත කණ්ඩායමට පැවසූ බව එමානුවෙල් සඳහන් කර තිබේ.
විදේශ ඇමති මංගල සමරවීර සහ එමානුවෙල් අතර පැවැති සාකච්ඡාවල තොරතුරු මෙරටට අනාවරණය වී නැත.