Colombo Today Local News

සාලාව අවි ගබඩාව පිපිරීමේ පාඩුව කෝටි 1200 යි

අවිස්සාවේල්ල – කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ සිදුවූ පිපිරීමෙන් රුපියල් කෝටි 1200ක පමණ පාඩුවක් සිදුවූ බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කමිටුවක් මගින් කරුණු ඉදිරිපත් කර ඇති බව යුද හමුදාව කියා සිටී.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ මෙම පිපිරීම සම්බන්ධයෙන් සොයා බැලීම යුද හමුදාව පත් කළ කමිටුව මගින් මීට අදාල වාර්තා 4 ක් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව, සිද්ධියට වගකිව යුතු හමුදා නිලධාරින් 14 දෙනෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ද යුද හමුදාව පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව, පිපිරීමෙන් විනාශයට පත්වූ වෙළදසැල් යළි ඉදිකර ගැනීම ඇතුලූ කාර්යන් සදහා යුද හමුදාව සතු අක්කර 5 ක පමණ ඉඩමක් නිදහස් කෙරිණි.

එසේම මීට අදාළව නිකුත් කළ කමිටු වාර්තා අතුරෙන් එක් වාර්තාවක් රස පරීක්ෂකවරයාට යොමුකර ඇති බැවින් පිපිරීමට හේතු වූ ප්‍රධානතම සාධකය කුමක්ද යන්න ප්‍රකාශ කළ නොහැකි බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

 

Related posts

චන්ද්‍රගුප්ත තේනුවර රටින් පිටවෙයි…

colombotoday

“තවත් සතියක් හෝ දෙකක් මුළු රටම අගුළු දමන්න” – රනිල්ගෙන් ඉල්ලීමක්

colombotoday

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට ක්‍රියාත්මකයි

Admin

ජනපතිගේ තවත් තීරණයක් පොලිස් කොමිසම අත්හිටුවයි…

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ OPD වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

Admin

මාල, වළලු, කරාබු දාලත් හමාරයි – අලුත් බද්දෙන් රත්තරං මිල අහස උසට නගියි

colombotoday