Colombo Today Local News

සමන්තුරෙයි අගෝමාරි අම්මාන් කෝවිලට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – Photos

අම්පාර සමන්තුරෙයි අගෝමාරි අම්මාන් කෝවිලට ඇතුළුවූ පිරිසක් එම කෝවිලට අයිති දේව ප්‍රතිමා විනාශකර වලක් හාරා එහි වලදමා “999” ලෙස මුස්ලිම් භක්තිකයන්ගේ සලකුණක් තබා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සබාපති එන් අරුනකාන්ත් මහතා විසින් පොලිස්පතිවරයාට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සමන්තුරෙයි පොලිස් ස්ථානාධිපති උපුල් පියලාල් මහතා එම ස්ථානයට පැමිණ ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් සුනක අංශයද යොදාගන තිබෙනවා.

මුලික පොලිස් පරීක්ෂණවලින් අනතුරුව සැකපිට වයස අවුරුදු 24ක මුස්ලිම් තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා මීට මාස අටකට පෙර කල්මුනේ තරවයිපිල්ලයර් කෝවිලට අලාබහානි සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්ව, මානසික රෝගියකු ලෙස සලකා නිදහස ලබා ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා හින්දු සම්මේලනය සදහන් කර සිටින්නේ නැගනහිර පළාතේ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් මොහුව මෙහෙයවන බවයි.

පසුගිය වසර තුන ඇතුලත නැගනහිර පළාතේ හින්දු කෝවිල් 36 ක් මෙලස අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක ප්‍රහාරයන්ට ලක්වුණු බවයි වාර්තාවන්නේ…

මේ පිලිබදව අදහස් දැක්වූ හින්දු සම්මේලනයේ සබාපති  අරුනකාන්ත් මහතා



Related posts

බලඇණි 33ක් අහෝසි කරයි… හමුදාවේ බලය සියයට 25 කින් අඩු කිරිමට සැරසේ

colombotoday

ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක්

colombotoday

අට පිරිකර නිෂ්පාදනයට සහ අළෙවියට ලියාපදිංචි වීම අනිවාර්යයි

colombotoday

විශ්වාසභංග විවාදය ඇරඹෙයි – සජීවි විකාශය මෙන්න

colombotoday

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday