Colombo Today Local News

අමිත් වීරසිංහ රඳවා ඇති බන්ධනාගාරය අබිරහසක්.. බිරිද පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) කැඳවයි

තෙල්දෙණිය ගැටුමට චෝදනා ලබා සිටින “මහසෝන් බලකාය” නැමැති සංවිධානයේ නිර්මාතෘ ලෙස සැලකෙන අමිත් වීරසිංහගේ බිරිද ප්‍රකාශයක් සටහන් කරගැනීමට යැයි සඳහන් කරමින් අද (19) පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) කැඳවා තිබෙනවා.

තෙල්දෙණිය මුස්ලිම් පිරිසකගේ පහර කෑමෙන් කුමාරසිංහ නමැති දෙදරු පියෙකු මරණය පත්වීමත් සමග ඇතිවූ කලහකාරී තත්වයට එරෙහිව අමිත් වීරසිංහට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් එම කලහකාරී තත්වයට ඔහුගේ සෘජු සම්බන්දතාවයක් සොයා ගැනීමට පොලීසිය අපොහොසත්වූ අතර පසුව ඔහුගේ නිවස සහ ගෙවත්ත පොලීසිය විසින් සෝදිසි කලත් ගැටුම් සඳහා සම්බන්ධ කිසිවක් සොයා ගැනීමට හැකි වුවේ නැත. පසුව ඔහුගේ කාර්යාලයේ තිබී පොල් තෙල් ගෙන ඒම සඳහා බාවිතා කල හිස් බෝතල් 7ක් සහ අත්පත්‍රිකා තොගයක් පොලීසිය අත්අඩංගුවට ගන්නා ලදි.

දින ගණනාවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවා ප්‍රශ්න කල අමිත් වීරසිංහ මීට දින දෙකකට පෙර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. කෙසේ වෙතත් ඔහු රැගෙන ගිය බන්ධනාගාරය කුමක්ද යන්න වගකිවයුතු කිසිදු පාර්ශවයක් තමන්ට නොදැන්වූ බවත් ඔහු රදවා ඇති ස්ථානයක් තමන් නොදන්නා බවත් පවුලේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related posts

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

හිරේ ඉන්න අපේ අයට සමාව දෙන්න.. සහජීවනයෙන් ඉන්නම් – හිටපු කොටි නායකයෙක් ඉල්ලයි

colombotoday

උද්ධමනය අඩුවුණේ 2023 අයවැය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසායි

Admin

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday

ඉෂාලනි දැරිය පිලිස්සී මියයාම – රිෂාඞ් බදියුදීන් සැකකරුවෙකු ලෙස නම් කරයි.

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙණු කළබවට සැක නාකොටික් නිලධාරීයෙකුගේ වාහන කීපයක් සොයා ගනී

colombotoday