Colombo Today Local News

ටෙලි නිලිය ෆිටෝන් රූම් එකේ ඇදුම් මාරුකරද්දී වීඩියෝ කළ මොහොමඩ්ට වැඩ වරදී

sulekha22
නිමි ඇඳුම් අලෙවිසලක ඇඳුම් මාරු කරන කුටියක් තුළ ටෙලිනාට්‍ය නිළි සුලේඛා ජයවර්ධන ඇඳුමක් මාරු කරමින් සිටියදී රහසිගතව වීඩියෝගත කළ බවට සැකපිට දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එහි සේවය කළ මොහොමඩ් රිස්වි නමැත්තකු ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.

පැමිණිලිකාර ටෙලි නාට්‍ය නිළිය දෙහිවල හීල් වීදියේ පිහිටි මෙම නිමි ඇඳුම් අලෙවිසලෙන් ඇඳුමක් තෝරාගෙන එය ඇඳ බැලීම සඳහා එහි තිබූ කුටියකට ගිය අවස්ථාවේ සැකකරු කුටියේ සිදුරකින් ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කරනු දැක ඒ බව පරිපාලනයට දන්වා පසුව සැකකරු පිළිබඳව දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

සැකකරු බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.

Related posts

තෙරුවනට අපහාස කළ වීඩියෝවේ පරීක්ෂණ වාර්තාවට බාලගිරි දෝෂය… නඩුව නීතිපති හමුවට.

colombotoday

මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා

colombotoday

අලුත් ව්‍යවස්ථාව විදේශ බලවේගවල උවමනාවටයි…

colombotoday

යුරියා මිටියක් 7000කින් අඩු කරන්න එකඟ වෙයි

Admin

දැරියක් මෙහෙකාර සේවයේ තබාගත් රිෂාඩ් සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

colombotoday

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක්

colombotoday