Colombo Today Local News

අපිටත් අවි අතට ගන්න ඉඩ තියන්න එපා – ඇමති රිෂාඩ් (VIDEO)

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් අද (06) පාර්ලිමේන්තුවේ දී විරෝධතාවයක් ආරම්භ කරනු ලැබුවා.

අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් ප්‍රමුඛ මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ බිම අසුන්ගෙන මෙම විරෝධතාවයේ නිරත වුණා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජීවත් වන සියළු ජනතාව සහජීවනයෙන් ජීවත් වීමේ අයිතියක් ඇති බවයි.

එමෙන්ම මෙරට ජීවත්වන සුළුතර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිම රජයේ වගකීම බවත් රට තුළ සාමය අපේක්ෂාවෙන් තමන් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ආ බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම තමන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන බවත් ඉදිරියේ දී මෙවැනි සිදුවීමක් සිදු නොවන්නට වගබලා ගන්නා බවත් ජනාධිපතිවරයා සහතික වී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

එසේ නොවන කළ  එදා දෙමළ ජනතාවගේ විමුක්තිය උදේසා ඔවුන් අවි අතට ගත් ආකාරයට තමන්ට ද එවැනි දෙයක් සිදු කිරිමට ඉඩ නොතබන ලෙසත් අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් සඳහන් කළා.

එම අවස්තාවේ දර්ශන පහතින් ,

Related posts

කොටි භාෂා පරිවර්තක ජෝජ් මාස්ටර් නිදහස්

colombotoday

ඉදුරුව යාලේගම හොර තෙල් ගබඩාවක් වටලයි

colombotoday

වෙන්න ගිය විනාශයෙන් රට බේරා ගත්තේ මමයි – රංගේ

colombotoday

අන්තරේ ට කොළඹදී පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

දුම්වැටි බදු වැඩිකරනවාට විරුද්ධ ඇමතිවරු කවුද? නොසගවා හෙළිකරන්න.. ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ආණමඩුව රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

colombotoday