Colombo Today Local News

මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය !!

මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

තෙල්දෙණිය ප්‍ර දේශයේදී මුස්ලිම් ජාතික පිරිසක් විසින් සිංහල තරුණයෙකු අමානුෂික ලෙස පහර දි ඝාතනය කිරිමත් සමග දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.

අද දිනයේදී ද දිගන ප්‍රදේශයේ  ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.

කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති අතර ඇදිරිනීතිය ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

හෙට(06) පෙරවරු 6 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කාලය තුළ නීති විරෝධීව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කරයි.

Related posts

යුද බිය තුරන් කර සාමය කැන්දූ සේනාධිනායකයා අද 71 සමරයි !

colombotoday

පොලිස් අධිකාරිවරුන් 5ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට.

Admin

සයිටම් ගැටළුවට ජනපතිගෙන් කමිටුවක් !

colombotoday

ගෝඨගේ ටී පාටියටත් වඩා වියදම් වුණ අනුරගේ ටී පාටිය

Admin

මාකඳුරේ මදූෂ් දිවයිනට… CID අත්අඩංගුවට ගනී…

colombotoday

නාමල්ට එරෙහිව සාක්ෂි දෙන්න ප්‍රබල ව්‍යාපාරිකයෙක් සූදානම්?

Admin