Colombo Today Local News

දින දෙකට වඩා උණ පවතීනම් වහාම රෝහලට යන්න !

feeve33

උණ තත්ත්වය දින දෙකකට වඩා නොකඩවා පවතීනම් හැකි ඉක්මනින්ම ළඟම තිබෙන රෝහලට ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

පසුගිය දිනවල ඇති වූ වර්ෂාවෙන් පසුව ඩෙංගු රෝගයේ වැඩි වීමක් සිදුව ඇතැයි පෙන්වා දුන් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,මේ වනවිට රෝගීන් වාර්තා වුවත් මරණ සංඛ්‍යාව 24ක් දක්වා අඩු කරගැනීමට හැකී තිබෙන බවත් කඩිනමින් රෝහල වෙත යැමෙන් සංකූලතා අවමකරගත හැකි බව පැවසී ය.

උණ රෝගය සඳහා විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීමට ඇතැමුන් කටයුතු කරනවා. එසේ කිරීමෙන් සංකුලතා වැඩි වීමට පුළුවන්.වෛද්‍ය උපදෙස් ලබාගන්නා තුරු උණ රෝගයට වෙනත් කිසිදු ඖෂධයක් භාවිතා කරන්න එපා. හැකි ඉක්මනින් ළඟ ඇති රෝහල වෙත රැගෙන යාමයි කළ යුතු වන්නේ යැයි ද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

Related posts

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා දිවයිනට

Admin

ශ්‍රී මුඛ කතාවට සජිත් ප්‍රසිද්ධියේ සමාව ගනී !

colombotoday

චීන – ශ්‍රීලංකා සබදතා අවුලක !… චීන රජය හිටපු ජනපති මහින්දව චීනයට කැදවයි

colombotoday

කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

දිලීත්ගේ අරක්කුවලට සීල් තියයි

Admin

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු එන්නැයි, ඉල්ලීමක්

colombotoday