Colombo Today Local News

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පත්කර ඇත්තේ කොටි හිතවාදී NGO පරපුටුවන් – විජේදාස MPO කාර්යාලය පතුරු අරී

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයේ කොමසාරිස්වරුන් ලෙස ජනාධිපතිවරයා පත්කර ඇත්තේ එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාව සමග කිට්ටු සබදකම් පවත්වන, ලොව පුරා ගොස් රටට හමුදාවට සහ මෙරට සිංහල බෞද්ද ජනතාවට විරුද්ධව හඩ නගන රාජ්‍ය නොවන සංවිධාන පරපුටුවන් බව හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.

“මේ කමිටුවේ කොමසාරිස්වරුන්ගේ නම් දිහා බලපුවාම අති බහුතරයක් ඩයස්පෝරාවත් එක්ක ළග සම්බන්ධකම් තියන ශ්‍රී ලංකාවට විරුද්ධව ලොව පුරා ගිහිල්ලා අදහස් ප්‍රකාශ කරපු විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධව දැඩි ලෙස හඩ නගන උදවිය.

ඒක නිසා ජනාධිපතිතුමාට අපි මතක් කරනවා මේ වගේ කොමිසමකට පත්කල යුත්තේ ස්වාධීන මත දරණ අය මිසක් පෞද්ගලික නියාය පත්‍රවලට අනුව කටයුතු කරන ද්‍රවිඩ ඩයස්පෝරාවේ ඒජන්තවරුන්වත් එන්ජීඕ වලින් යැපෙන පරපුටුවන්වත් නෙමෙයි.

ඒක නිසා සංහිදියාවේ නාමයෙන් අපි පැහැදිළිව මතක් කරනවා. මේ රටේ සිංහල බෞද්ධ සමාජය මරා දාන්න ඉඩ තියන්නේ නෑ කියලා.විශේෂයෙන්ම මංගල සමරවීර මහත්තයා විදේශකටයුතු ඇමතිවරයා විදිහට තනි තීරණ අරගෙන හිතුවක්කාරී ලෙස රණවිරුවොත් මේ රටේ යුද්ධයට සම්බන්ධ වෙච්ච පාලකයෝ නායකයෝ සියළුම දෙනා පාවාදීමේ ද්‍රෝහී ක්‍රියාව පිළිබදව ගණුදෙනුව එතුමාට වැඩිකල් නොගිහිල්ලා මේ රටේ රණවිරුවොත් එක්ක බේර ගන්න සිද්දවෙයි.“

[fbvideo link=”https://www.facebook.com/wijeyadasarajapakshe/videos/10156297178856474/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ප්‍රභාකරන් සැමරෑ අයට ආණ්ඩුවෙන් විසුමක් නැතිවෙයි.. අල්ලා හිරේ දාන්න සොයයි !!

colombotoday

වෙරළ ආසන්නයට ආ ඩොල්පින් මත්සයන් හත්දෙනෙකු යළි මුහුදට මුදාහරී

Admin

බටහිර වෛද්‍ය පර්යේෂණවලින් හෙළිවන පිරිතේ බල මහිමය !

colombotoday

ආණ්ඩුවේ සංස්කෘතික සංදර්ශනය වෙනුවට මහින්දගෙන් රණවිරු විජයග්‍රහණ සැමරුමක්

colombotoday

ඉන්දියානු ඉල්ලීමට හිස නැවෙයි.. තමිල්නාඩු මාලු හොරු 73ක් නිදහස් කරයි !

colombotoday

තුර්කියට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300ක් පිටත්ව යාමට සූදානම්

Admin