Colombo Today Local News

එජාපයේ කැබිනට් පත්‍රිකා තුනක් අගමැති ඉදිරියේම ජනපති ඉවත දමයි…

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරුන් තිදෙනකු ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකා තුනක්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි.

වාර්තාවන අන්දමට එයින් එක් කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කර තිබෙන්නේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතායි. උසස් පෙළ සිසුන්ට හා උසස් පෙළ පන්ති ගුරුවරුන් සඳහා රුපියල් කෝටි 500ක් වැය කර ටැබ් පරිගණක ලබාදීමට ඇමැතිවරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් කර තිබූ යෝජනාව අත්හිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

මේ අතර මහනුවර අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට ඉදිවන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජපානයේ කොන්ත්‍රාත් සමාගමකට පැවැරීමට කර තිබූ යෝජනාවක්ද අත්හිටුවා ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධව වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි අදාළ ඇමැතිවරයාට නියම කර ඇත.

මීට අමතරව සිගරැට් දුම්කොළ වර්ගයක් තහනම් කිරීම සංචාරක ව්‍යාපාරයට තදින් බලපවත්වන්නක් බැවින් එම තහංචිය ලිහිල් කරන ලෙසට එජාප ඇමැතිවරයකු ඉදිරිපත් කළ යෝජනාවක්ද ජනාධිපතිවරයා විසින් අත්හිටුවූ බවද වාර්තා වේ.

Related posts

අවමඟුලට ගිය අය අතරින් නව පොකුරක් මතුවුවෙහාත් නඩු දානවා

colombotoday

කොවිඩ් එන්නත නොගත් හා පළමු මාත්‍රාව පමණක් ලබා ගත් අයට ඩෙල්ටා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

අනුරුද්ධ සම්පායෝ අධිකරණයට රැගෙන එයි

colombotoday

බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Admin

විපක්ෂයට මූණ දෙන්න එජාපයෙන් සන්නද්ධ බළකායක් !… මන්ත්‍රීන් 18කට විශේෂ පුහුණුවක්

colombotoday

මියගිය පුද්ගලයෙකුගේ භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට

colombotoday