Colombo Today Local News

අලුත්ම බෝම්බ 10ක් මුලතිව් පාලමක් යටින් හමුවෙයි…

මුතුර්, කිලිවෙඩ්ටි පාලම යටට විසිකර තිබියදි හමු වු ග්‍රේනේට් ලොන්චර් අවිවලට යොදන කුඩා බොම්බ 10ක් විශේෂ කාර්ය බළකාය මගින් නිෂ්ක්‍රීය කළ බව මුතුර් පොලිසිය කියයි.

අලුත්ම ඒවා වන මෙම කුඩා බෝම්බ මිලිමීටර් 40 වර්ගයේ ග්‍රේනේට් ලෝන්චර් වලට යොදන ඒවා බවත් කිලිවෙඩ්ටි පාලම අසල ඇති පොලිස් මුර කුටියේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරින් දැක මේවා පාලම යටට විසිකරන්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම බෝම්බ දැක මේ පිළිබඳව මුතුර් පොලිසියට දැනුම් දීමෙන් පසු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නන්දලාල් පද්මනාථ මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් පැමිණ පරික්ෂණ ආරම්භ කළේය.

මෙම බෝම්බ විසිකළ අය කවුරුන්ද යන්න පිළිබඳව මුතුර් සහකාර පොලිස් අධිකාරි බුද්ධක මනතුංග මහතාගේ මෙහෙයවීම මත මුතුර් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර ලබාතගත් නියෝගයක් අනුව විශේෂ කාර්ය බළකායේ සර්ධාපුර දෙවැනි කඳවුරු අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක එන්.එච්.ඒ.එස්.බණ්ඩාර මහතාගේ මෙහෙයවිම යටතේ පැමිණි නිලධාරි කණ්ඩායමක් මෙම බෝම්බ නිෂ්ක්‍රීය කළේය.

-ලංකාදීප

Related posts

මුස්ලිම් මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවට තර්ජනයක් !!

colombotoday

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

colombotoday

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ගේ බලතල

colombotoday

හම්බන්තොට චීනයට දෙන නිසා ඉන්දියාව කණගාටුවෙන්.. ඉන්දියාව සතුටු කරන්න ත්‍රිමලේ වරාය දෙයි

colombotoday

පාර්ලිමේන්තුව වට කර බස්රථ නවතා විරෝධතාවකට සැරසෙයි

colombotoday

කුලහීනයකුට වතුර උගුරක් නොදෙන තවමත් ඉවරයක් නැති යාපනයේ කුල යුද්ධය

colombotoday