Colombo Today Local News

“පක්ෂයේ ප්‍රබලයන් මාව මරන්න තැත් කළා“ – සංවිධායකකමෙන් ඉවත් වූ රංගේ බන්ඩාර කට අරී

දේශපාලනය නිසා තමාට බොහෝ දේ අහිමි වූ බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා. එක්සත් ජාතික පක්ෂ ආණමඩුව සංවිධායකධූරයෙන් ඉවත් වීම පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිළි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

ආණමඩුවේ පැවති දේශපාලන වාතාවරණය තුළ තමාට මෙන්ම තම පවුලේ ඥාතීන්ට ද විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවූ බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා තමාට යම් සහනයක් වූයේ නම් ඒ පුත්තලම ජනතාවගේ අගය කිරීම පමණක් බව සඳහන් කළේය. එසේම  ආසන සංවිධායක ධූරයක් ලබාගනිමින් දේශපාලනයට අවතීර්ණ වූ තමාට බොහෝ දේ අහිමි වූ බව ඔහු පෙන්වා දුන්නේය.

දේශපාලන විරුද්ධවාදීන් විසින් තමා වෙත බලපෑම් සිදුකරද්දී එක්සත් ජාතික පක්ෂයේ සිටින ප්‍රබලයින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බව ඔහු චෝදනා කර සිටී.

මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයෙන් තමා ඉල්ලා අස්වීමට තීරණය කළ අතර එය ලිඛිතව පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා වෙත බාරදීමට පියවර ගත්තත්  මහ ලේකම්වරයා එම ලිපිය බාරගැනීම ප්‍රතික්ෂේප කළ බවයි ඔහු අමාත්‍යවරයා පවසා සිටියේ.

Related posts

වීරකැටියේදී පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයින් 6ක් අත්අඩංගුවේ

Admin

ජනපති, හිටපු ජනපති පුතුන් මැතිවරණ වේදිකාවේ.. මුල්වරට කීව කතා මෙන්න (Video)

colombotoday

සිංහල බෞද්ධයා රැකුණොත් මේ රටේ සෙසු ආගම්වලත් ආගමික නිදහස රැකෙයි – අගමැති

colombotoday

රැකියා විරහිත කිලිනොච්චි තරුණ තරුණියන්ට යුද හමුදාවෙන් රැකියා !

colombotoday

හෙට සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

colombotoday

“නව ව්‍යවස්ථාවක් ගේන්න හදන්නේ රටේ සතුරෝ.. මේක සැබෑ එජාපය නෙවෙයි” – ජේ.ආර් ගේ මුණුබුරා ව්‍යවස්ථාව ගැන කතා කරයි

colombotoday