Colombo Today Local News

“නාවික හමුදා මෙහෙවර ගැන මහඇමතිට අවබෝධයක් නෑ.. ආය වැරදි වැඩ කරන එකක් නෑ” – ආරක්ෂක ඇමති

ruwan wijewardana

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නෂීර් අහමඩ් මහතා නාවික නෞකා විදුර කඳවුර භාර අණදෙන නිලධාරීවරයා අපහසුතාවට පත්වන අයුරින් සිදුකළ ප්‍රකාශය කිසිසේත් අනුමත නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම අවාසනාවන්ත සිදුවීම සිදුවන අවස්ථාවේදීද නාවික හමුදාව සිදුකල මෙහෙය පිළිබඳව නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අවබෝධයකින් පසුවූයේද යන්න සැක සහිත බවද එහිදී විජයවර්ධන මහතා පවසා සිටියි.

වගකිවයුතු තනතුරක් දරන දේශපාලඥයෙකු ලෙස ඒ මහතාට යම් ගැටලුවක් එම උත්සවය පැවැති අවස්ථාවේ පැනනැඟී තිබුණේ නම් බුද්ධිමත්ව එය විසඳාගත යුතුව තිබූ බව තම හැඟීම බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

මාවනැල්ල ප්‍රා.ස රැස්වීමට සතියක වාරණයක්

colombotoday

පූර්ව අවසරයකින් තොරව මත්පැන් හෝ දුම්වැටි මිල ඉහළ දැමීමට නිෂ්පාදකයින්ට අවසර

colombotoday

මුළු රටම ව්‍යසනයකට පත්ව තිබෙන්නේ, රජය ඥානසාර හිමිට ඇහුම්කන් නොදීම නිසා. ප්‍රධාන සංඝනායක උඩුගම ධම්මානන්ද හිමි

colombotoday

“ජවිපෙ ගෙනෙන 20 නියමයි” – ෆෙඩරල් ව්‍යවස්ථාව හදන ලාල් විජේනායකගෙන් සහතිකයක්

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මැතිසබයට

colombotoday

ගංජා ප්‍රවාහනය කළ ජීප් රථයක් පොලිස් භාරයට

colombotoday