මෙම මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කාගේවත් පසුපස යාමේ අවශ්‍යතාවක් නැති බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
“අපට බහුතර ආසන සහිත සභා 240 ක පමණ බලය හිමි වී තිබෙනවා .ජනතාව ඉතා පැහැදිලි තීන්දුවක් දීල තියෙනවා .සුළු අසන ලබා ඇති පක්ෂ සහ කණ්ඩායම් වල පසුපස අප නොයා යුතුයි .ඔවුන්ට අවශ්‍ය නම් අපට සහය දිය හැකියි“ යැයිද හිටපු අමාත්‍යවරයා srilankaeconomy සමග ප්‍රකාශ කර ඇත.