Colombo Today Local News

රට පුරා පොහොට්ටුව පිපේ…

අද පැවැති පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.

නිල නොලත් ආරංචි මාර්ගවලට අනුව මේ වනතුරු ගණනයට ලක් වූ ඇති ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 60%කට ආසන්න ප්‍රතිශතයත් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත්ව ඇතැයි පැවසේ.

දකුණු පළාතේ ගණනයට මේ වන විට ගණනයට ලක්වූ බහුතරයක් ඡන්ද කොට්ඨාසවල ජය පොදුජන පෙරමුණට හිමිව ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දකුණු පළාත තුළ දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති බවද පැවසේ.

මේ අතර නාම යෝජනා ප්‍රතික්ෂේප වූ ඡන්ද කොට්ඨාස කිහිපයකට පොදු ජන පෙරමුණ වෙනුවට ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම් ජය හිමිකරගනු ඇති බවටද ප්‍රකාශ වේ.

මේ අතර, ගණනයට ලක්වූ ප්‍රතිඵල අනුව එජාපය ඉලක්ක කළ තරම් ඡන්ද ප්‍රතිශතයකට ළගා වීමට නොහැකි වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි. කෙසේ වෙතත් කොළඹ නගර සභාවේ වැඩි වාසිය එජාපයට හිමි වනු ඇතිබවද පැවසේ.

කෙසේ වෙතත් මැතිවරණයේ පළමු නිළ ඡන්ද ප‍්‍රතිඵලය අද රාත‍්‍රී 10.00 පමණ වන විට නිකුත් කිරිමට හැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Related posts

මාධ්‍යවේදීන්ටත් බූස්ටර් එන්නත

colombotoday

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday

රනිල් සමනළයෙක්… රට පාලනය කළේ ඔහුගේ සමනළ කල්ලියයි – මහින්ද වේදිකාවේ ජනපතිගෙන් එජාපයට දැඩි ප්‍රහාරයක්..

colombotoday

‘ඒකීයභාවය අහෝසි කිරීමට එකගවුණා.. අපි ඉල්ලන ෆෙඩරල් ක්‍රමය ගැන දැන්ම හෙළිකරන්නෑ‘ – TNA

colombotoday

අක්මීමන මිනීමැරුමකට ජවිපෙ අපේක්ෂකයා ඇතුළු සැකකරුවෝ රිමාන්ඩ්

colombotoday

හීටරයක් පුපුරා හටගත් ගින්න මාස 3ක බිළිඳියක් බිලිගනී

Admin