Colombo Today Local NewsTop Stories

එජනිස මැතිවරණ ව්‍යාපාරයට ක්‍රිකට් ආයතනයේ සම්පත් තිලංග සුමතිපාල අවභාවිතා කරයි

පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ක්‍රිකට් ආයතනය සතු සම්පත් යොදා ගන්නා බවට වාර්තා වෙනවා.

පෙබරවාරි මස 3 වන සෙනසුරාදා තිලංග සුමතිපාල යාපනයට ගොස් ඇති අතර, මාධ්‍ය වෙත ලබාදී ඇත්තේ ඔහු ක්‍රීඩාංගන පරික්ෂාවක් සඳහා ගිය බවයි. කෙසේ වෙතත් ඔහු යාපනයට යෑම සඳහා හෙලිකොප්ටරයක් බාවිතා කර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4.5 ක මුදලක් වියදම් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සංචාරයක් බව පවසා යාපනයට ගිය තිලංග සුමතිපාල මහතා, ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා කාර්යාල පිහිටුවා ඇති බව වාර්තා වේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවන අවසන් දිනය වෙන ඊයේ (7) දිනයේද ඔහු ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ රැළියක් සඳහා පොලොන්නරුව ප්‍රදේශයට හෙලිකොප්ටරයක් මගින් ගොස් ඇති අතර ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂයක මුදලක් වැය කර ඇත.

ඊයේ (7) උදෑසන ක්‍රිකට් ආයතනයේ උත්සවයක් පවත්වා ඇති අතර ඒ සඳහා සුමතිපාල මහතා පැමිණ නොමැති අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන දේශපාලන ව්‍යාපාරය මෙහෙයවීම හේතුවෙන් ක්‍රිකට් ආයතනය වෙත පැමිණීමට තිලංග සුමතිපාල මහතාට අමතක වී ඇති බව එහි සිටි බොහෝ දෙනෙක් පැවසීය.

දැනගන්නට ලැබෙන පරිදි සුමතිපාල මහතා පසුගිය මාසය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය වෙත පැමිණ නැත.
ඔහු නොපැමිණෙන විට උප සභාපති කේ. මතිවානන්, සියලු කටයුතු අධීක්ෂණය කරන නමුත් මේ වන විට ඔහු විදේශ සංචාරයක් සඳහා පිටව ගොස් තිබීම විහිළු සහගතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා ඇති මොහොතක සභාපතිවරයා ලෙස සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දක්වන ප්‍රමුඛතාවයේ ප්‍රමාණය කොපමණද යන්න ප්‍රශ්න සහගතය. ඔහු ක්‍රිකට් ආයතනය තම දේශපාලන පැවැත්ම සඳහා පමණක් භාවිතා කරන බව දක්නට ලැබෙන අතර සිය දේශපාලන ව්‍යාපාරය සඳහා සඳහා ක්‍රිකට් ආයතනයේ සියලු සම්පත්, සේවකයින්, රථවාහන හා මුදල් භාවිතා කිරීම කෙතරම් සදාචාර සම්පන්නද?

cricketage ඇසුරින්

Related posts

කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් 14 දෙනා මෙන්න. සුප්‍රසිද්ධ හාජ්ජියාර් එබ්‍රහිමුත් ඒ අතර

colombotoday

රාජ්‍ය පොලිස් බුද්ධි අංශ වහාම සක්‍රීය කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

Admin

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

Admin

පාර්ලිමේන්තුව ගිනියම් වෙයි… සභාගැබේ ගුටි කෙළියක්…

colombotoday

ජෝන්ද සිල්වා රඟහල විකිණීමට සූදානම්.. යහපාලන කලාකරුවෝ ආණ්ඩුවට එරෙහිව අවි අමෝරති !

colombotoday