ලබන 4 වැනි දා ට යෙදෙන 70 වැනි නිදහස් සැමරුම නිමිති කරගනිමින් ශ්රී ලංකා මහ බැංකුව රුපියල් 1000ක වටිනාකමකින් යුත් සමරු නෝට්ටුවක් නිකුත් කර තිබේ.
මෙය මහ බැංකුව විසින් නිකුත් කළ සිව්වැනි සමරු නෝට්ටුවයි.
මෙහි වම් පස කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ හා 70 වැනි නිදහස සැමරීමේ ලාංඡනය යොදා ඇති අතර 11 වැනි කාණ්ඩයේ 1000 නෝට්ටුවේ මැද ඇති රම්බොඩ උමගේ ඡායාරූපය වෙනුවට පල්ලිය, පන්ස,, කෝවිල සහ මුස්ලිම් දේවස්ථානය සහ දැක්වෙන රූප යොදා තිබේ.
මෙම සමරු මුදල් නෝට්ටුව ලබන 6 වැනිදා සිට බලපත්ර ලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කෙරෙන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.