Colombo Today Local News

හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට ගනී

දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයකු පැහැරගෙන ගොස් රඳවා තබා තර්ජනය කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව ජුනි මස 07 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය ඇතුළු විත්තිකරුවන් 08 දෙනා අධිකරණයේ පෙනී සිටියහ.

මෙම නඩුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හැර සෙසු විත්තිකරුවන් 07 දෙනා මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබූ අතර ඉන් 05 දෙනකු වන්දි හා දඩ මුදල් ගෙවා අවසන් කර ඇති බවත් සෙසු විත්තිකරුවන් දෙදෙනාට වන්දි මුදල් ගෙවීම සඳහා කල් ලබා දෙන ලෙසත් විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවා අවසන් වූ විත්තිකරුවන් 05 දෙනා මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා සෙසු විත්තිකරුවන් දෙදෙනාට වන්දි මුදල් ගෙවීම සඳහා මාර්තු මස 14 වැනිදා තෙක් කල් ලබා දුන්නේය.

අනතුරුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති චෝදනා විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය නියම කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයකු පැහැරගෙන ගොස් රඳවා තබා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

Related posts

වඩා අගයන එකම වත්කම මානව සංවර්ධනයයි “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්නොහරින බව ජනපති ලෝක ප්‍රජාවට අවධාරණය කරයි

colombotoday

රුවන්වැලි මහා සෑය අසල අභිරහස් කැණීමක්! පිටස්තර පුද්ගලයන්ට තහනම් කළාපයක්

colombotoday

පාසල් දැරියන්ට කලිසම ගලවා පෙන්නන පොලිස් කොස්තාපල්

colombotoday

ඉඩම් නැති අයට ඉඩම්, ගෙවල් නැති අයට ගෙවල්, විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප්,

colombotoday

නියෝමාල් මාධ්‍යවේදිගෙන් සමාව ඉල්ලයි

colombotoday

ඉන්දීය විදේශ ලේකම් බැසිල් ට අමතයි

colombotoday