Colombo Today Local News

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ ඉවත් කරයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කර තිබේ.  

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 6 දෙනකු ඉකුත් දෙසැම්බර් මාසයේදී අස්වීමේ ලිපි බාර දුන්න ද නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ස්ථාපිත කරන තුරු එම අධ්‍යක්ෂ මණ්ඩලයටම රාජකාරී කරගෙන යන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබිණි.

මේ අනුව ඉල්ලා අස්වීමේ ලිපි බාරදීමෙන් පසු පළමු වරට පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී (25) අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වී ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ තවදුරටත් එම ධුරයේ තබාගන්නේ ද යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වා තිබේ. එහිදි සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 5ක් ලැබී තිබෙන අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද දෙකක් පමණි. 

කෙසේ නමුත් වැඩබලන අධ්‍යක්ෂ මණ්ඩලයකට එවැනි තීරණයක් ගැනීමට බලය නැතැයි ද ප්‍රධාන විධායක නිලධාරියා තනතුරෙන් ඉවත් කිරීමට හැකියාව ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි ආරංචි මාර්ග කියයි. 

සුරේන් රත්වත්තේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් කිරීමට ඡන්දය දුන් පිරිස අතර සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා ද වේ. අජිත් ඩයස් මහතා ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන් සමාගමේ අධ්‍යක්ෂකවරුන් හයදෙනාගෙන් කෙනෙකි. 

කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබාදුන් බවට ද සුරේන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබේ.
මේ අතර ඉදිරි දින කිහිපය ඇතුළත ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්වනු ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉකුත් දා (17) මාධ්‍ය හමුවකදී පැවැසීය. 

Related posts

ශ්‍රීලනිපයෙන් කොළඹට සාලි.. සාලි සමග සටනට එජාපයෙන් රෝසි !

colombotoday

යාපනේ ආරක්ෂාව තර කරයි.. පොලිස් විශේෂ කාර්ය බළකාය සූදානමින් !

colombotoday

මසක් ඇතුළත තුනයි… තබ්බෝවේ තවත් හස්තියෙක් මරා දමයි.. පරිසර ඇමති අතුළු බලධාරීන් තවත් නිහඩයි !

colombotoday

ශ්‍රී ලංකාවේ කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්

colombotoday

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

Admin

“අනෙක් ජනවර්ග වලට ආදරය කරන මානසිකත්වයක් අපට නෑ. අපේ නායකයන්ටත් නෑ” – TNA

colombotoday