Colombo Today Local News

බැඳුම්කර නඩුව ඉදිරියට ගෙන යා නොහැකි – විත්ති පාර්ශ්වය මූලික විරෝධතා මතුකරයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් මූලික විරෝධතා මතුකරන බව විත්ති පාර්ශ්වය විසින් අද (29)දින කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට දැනුම් දුන්නේය.

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් මිලියන 688 ක මුදලක් සාපරාධී පරිහරණය කළේ යැයි චෝදනාකරමින් එම නඩුව ගොනුකර තිබේ.

එම නඩුව අද (29)දින චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

Related posts

තහනම් සංවිධානවලට ආයුද දුන් යාපනයේ තරුණයෙක් අල්ලයි

colombotoday

මෙරට අක්කර ලක්ෂ 12ක් අල්ලන ඇමරිකානු මෙහෙයුමක්… ප්‍රධාන කාර්යාලය අරලියගහ මන්දිරය ඇතුළේ – නිළ ලිපියෙන් සියල්ල හෙළිවේ…

colombotoday

එජාපය අන්තිම තුරුම්පුව ගසයි. කතානායක නව අගමැති පිළිනොගන්නා බව කියයි

colombotoday

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත මහ වැසි

colombotoday

ඇමති ජගත්ගේ පුටුවේ නම කපලා වෙන කාටද දීලා… ඇමති වේදිකාවේ ආවේගශීලී වෙයි

colombotoday

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

colombotoday