Colombo Today Local News

තොණ්ඩමාන් “දෙමළ අධ්‍යාපන ඇමති“ කිරීම ව්‍යවස්ථාවට පටහැණියි…

සෙන්දිල් තොණ්ඩමන් මහතා උෟව පළාත් දෙමළ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්කර තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට පටහැනි ක්‍රියාවක් බව උෟව පළාත් සභා මන්ත්‍රි ඩබ්. සච්චිතානන්දන් මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘අධ්‍යාපන’ යටතේ ඇති 3 වැනි ඡේදයේ මේ බව පැහැදිලිව දක්වා ඇති බවත් එහි කොතනකවත් දෙමළ අධ්‍යාපන ඇමැති කියා පදවියක් නොමැති බවත් ඒ මහතා පැවැසීය.

“මව්බිම“ පුවත්පත සමග අදහස් දැක්වූ සච්චිතානන්දන් මහතා කියා සිටියේ මෙය හරියට තාත්තා කෙනෙක් නැති පුතෙක් වැනි දෙයක් බවත්, තමා අවුරුදු 18ක් පළාත් සභා මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කර ඇතත් මෙහෙම දෙයක් කොහේවත් සිදුවී නැති අතර දෙමළ අධ්‍යාපන ඇමැතිවරයකු පත් කිරීමෙන් සිංහල පාසල්වලට වග කියන්නේ කවුද යන ප්‍රශ්නය පැනනැඟෙන බැවින් මෙය විහිළුවක් බවත් පැවැසීය.

Related posts

කුණාටු තත්ත්වය හේතුවෙන් ගාලු වරායේ නැවක් ගසාගෙන යයි

colombotoday

ප්‍රංශය මත් කරන්න ලංකාවෙන් තල් රා

Admin

ලාංකික නැවියන් 6 දෙනෙකුට කොරෝනා වැළදෙයි !

colombotoday

මැතිවරණ පෝළිමක්

Admin

අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන්ට එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday

කිරිබත්ගොඩ පාළු නිවසකින් කාන්තා මළසිරුරක් හමුවෙයි

colombotoday